<<<Download MP3 128Kbps>>>(4mb)
මට දෙන්න මට දෙන්න
මොහොතකට මට දෙන්න
ඔබේ ඇස් යට නටන පාට බිඳුවක්
දෙන්න....//
දෙතොල් පෙති හැඩ කරන - සිනා රේඛා මවන
කැඩපතක මගේ රුව - මොහොතකට දකින්නට
කඳුලු බිඳු සඟව ගෙන - දුක දැරූ අම්මාව
දෙනෙත් මත තුරැළු කර - එක වරක් සිප ගන්න
මට දෙන්න මට දෙන්න
මොහොතකට මට දෙන්න
ඔබේ ඇස් යට නටන
පාට බිඳුවක් දෙන්න....
ගී කියන විහඟුන්ට - රොන් උරණ බමරුන්ට
රහසේම මම සොයමි මල් පාට වූ අරුම
වැහි ඉහින අහස යට - බර දරන පොළව උඩ
මගේ හීන තබා යමි - තවත් දවසක එන්න
මේඛලා ගමගේ