Friday, May 31, 2013

Asanka Priyamantha - Labunath neth yuga dahasaka Urume

ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
මදි මට මුළු සංසාර යුගේ......
ඔබව බලා ගන්නට අම්මේ.....
ඔබව බලා ගන්නට අම්මේ.....

ඉර හඳ පතුරණ එළියට වැඩියෙන් 
ඔබ මට හරි එළියයි අම්මේ...
දහසක් නෙත් මට මදි අම්මේ....
දහසක් නෙත් මට මදි අම්මේ....

ලේ කිරි කරලා අම්මත් මාහට පෙව්වද 
නැතිනම් ඊට වඩා....
ඉර හඳ, දරු සෙනෙහසට යටත් කොට
දිය කර පෙව්වද සේද වලා....//

ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
මදි මට මුළු සංසාර යුගේ......
ඔබව බලා ගන්නට අම්මේ.....
ඔබව බලා ගන්නට අම්මේ.....

දස මාසේ කුසයේ හි මා දරලා 
ඉසුලූ බර ඔබට මහදී
දරු සෙනෙහස මතු බුදු කරවන්නට 
මව් පදවිය ඔබ ලදන ලදී....//

ලැබුනත් නෙත් යුග දහසක උරුමේ...
මදි මට මුළු සංසාර යුගේ......
ඔබව බලා ගන්නට අම්මේ.....
ඔබව බලා ගන්නට අම්මේ.....

ඉර හඳ පතුරණ එළියට වැඩියෙන් 
ඔබ මට හරි එළියයි අම්මේ...
දහසක් නෙත් මට මදි අම්මේ....
ඔබව බලා ගන්නට අම්මේ.....
දහසක් නෙත් මට මදි අම්මේ....
ඔබව බලා ගන්නට අම්මේ.....


අසංක ප්‍රියමන්ත