Friday, May 31, 2013

Oba Pem karana - Gunadasa kapuge

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
ඔබට ආදරේ කියනා අයුරින්
පෙර දවසක මා පෙම් කරවනා සඳ
මට ද ආදරේ කියා තිබේ..

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
මට ද ආදරේ කියා තිබේ..


සාගර වෙරළේ සොඳුරු සැඳෑවක
රඟහල කෙළවර අඳුරු නිමේෂෙක
අද ඔබ ළඟ ඔබ සනසාලන ඇය
පෙර දවසක ම තුරුලට වී හිඳ
මට ද ආදරේ කියා තිබේ..

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
මට ද ආදරේ කියා තිබේ..

සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී
දොඩමළු පෙම්බස් ගොලුවී යද්දී
මා සමුගෙන ඔබ ළඟට පැමිණි ඇය
සනහස සඟවා දෙනෙත නුරාවෙන්
මට ද ආදරේ කියා තිබේ..

ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
මට ද ආදරේ කියා තිබේ..

ගායනය - ගුණදාස කපුගේ
ගී පද - සුනිස් ආර්. ගමගේ