Sunday, March 31, 2013

Danno budunge - දන්නෝ බුදුන්ගේ

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා
පේවි රකිතී සොඳ සීලේ නිබන්ඳා
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා
පේවි රකිතී සොඳ සීලේ නිබන්ඳා

ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//
රහතුන් නිවසනා පාය ප්‍රකාසේ //

භූලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන වාසේ
සෘධියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ//
සෙවනැල්ලෙහි හිරු රශ්මිය භංගේ

මානෙල් නෙලුම් හා ඕලූ පුෂ්පාදී
ඇත්තේ පොකුණු වල බෝ ජල පෑදී
සේරූ පන්තී පන්තී පීනතී බෝසේ//
අනුරාධ නගරය දැන් පෙනේ ඕසේ///



නාට්‍ය‍ය‍ - සිරිස‍ඟ‍බෝ (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය, නිමල් ජයසිංහ, වික්ටර් වික්‍රමගේ
(c) http://noorthi.blogspot.com/2011/09/blog-post.html

වර්තමාන ගායනය පණ්ඩිත් අමරදේව සමඟ විශාරද නන්දා මාලිනී