Sunday, March 31, 2013

Sinasenna mata Lowata penennata සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට

<<<Download 128kbps MP3>>>

සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්........
හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිදක්........

කතාකරන්නට අපගැන බිදුවක්
අපගැන අසනා අයට ඉතින්......
කියාදෙන්න මට මා හැර ගිය හැටි
තාමත් ඒ ගැන දන්නෑ මං........

අළුපාට හැන්දෑවෙ වැහිබිංදු පොද වැටෙන
ගංදෑල තවමත් ඒ වගේද මට කියන්
දං පදුර උඩ නටන රන් පාට සමනල්ලු
මං කොහිද ඇසුවාද මට කියන්......

පද රචනය : නිලාර් එම් කාසි