Thursday, September 19, 2013

Hitha ridawana - sanka dineth

හිත රිදවනා සුසුමක් වගේ 
නෙත හඬවනා කඳුලක් දිගේ //
හැබැහින් නැතත් හීනෙන් වගේ
ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ

නුඹ ළඟ නැතිදා ////

හිත දුවනවා හැමතැන මගේ
නෙත පිරෙනවා සුවඳින් ඔබේ //
බැලු බැලු අතේ නුඹෙ රුව වගේ
ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ


නුඹ ළඟ නැතිදා //// 


හිත දවනවා මතකය ඔබේ
දින ගෙවෙනවා හීනෙන් වගේ //
දවසක ඇවිත් ළඟටම මගේ
මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ

නුඹ ළඟ නැතිදා