Saturday, August 10, 2013

ආයෙමත් ආදරෙන් - Ayemath Adaren(පෙනෙන නොපෙනෙන)

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුඹ ඇවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්,

දකින හිමිවන හීනේ නුඹ කොතන හිටියා
මතක සැමරුම් අතරේ ජීවිතේ තිබුණා
හඩන හිනැහෙන නෙත් නුඹේ 
උර හිසේ තිබුනා
ඇත්තමයි නුඹ අහසක් වගේමයි සිතුනා...


නුහුරු නුපුරුදු හීන අරන්
ලගට ඇවිදින් තුරුලු වෙමින්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්


මිරිගුවක හිත තියලා නුඹ දුරක ඇදුනා
රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුනා
ඇසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා
අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා

පෙනෙන නොපෙනෙන.............................

ගායනය - ආත්මා ලියනගේ