Tuesday, July 16, 2013

Nosalei - නොසැලෙයි

නොසැලෙයි            <<<DOWNLOAD>>>
දිවි මකුළු ඇස නොසැලෙයි <<< 128 Kbps MP3>>>
නළියයි                       3MB
අඳුන් දිවි නිය පහුර නළියයි
උකුසු ඇසට නොපෙනී
මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි
මොන නීතියද මේ
මිනිස් වනාන්තරේ


සඳ එළියේ

දිව්‍ය ලෝකෙන් පාවී
කුණු කසළ වැටි වැටී
නිවි නිවී යයි ගිනිදැල් අපායේ
කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ

විනිසුරු අසුනේ

සත් පුරුෂ ප්‍රාණේ
කළු රෙද්දෙන් ඔතලා
අපරාධය හෝ ඝාතකයා හෝ
විනිවිද නොපෙනේ

නීති පොතේ ඉන්ද්‍රජාලේ

ඝාතකයා - මිනීමරන්නේ - තිරිසනා
විනිසුරුවා - නඩු අසන්නේ - මිනිසා
මුනිවරයා - සමාව දෙන්නේ - දෙවියෝ

නොසැලෙයි......

සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය - අමරසිරි පීරිස් ප්‍රමුඛ සමන්ත පෙරේරා ඇතුළු පිරිස
රචනය - ලූෂන් බුලත්සිංහල

අනුර හොරේෂස් විසින් රචිත ‘ගිනි අවි සහ ගිනි කෙළි’ කෘති ද්විත්වය ආශ්‍රයෙන් 1996 දී උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ චිත්‍රපටය සඳහා ලූෂන් බුලත්සිංහල විසින් උක්ත ගීතය රචනා කෙරිණි.  (c) From BOONDHI.lk 

කමෙන්ට් එකක් දාලා FB එකෙන් ‍මිතුරන් සමග බෙදා ගන්න අමතක කරන්න එපා......

DOWNLOAD
128 Kbps MP3
3MB