Tuesday, July 16, 2013

Chandra Madulu - චන්ද්‍ර මඬුලු

චන්ද්‍ර මඩුලු යට සුරංගනාවන්        Download
දූ සනසන්නට ගීත ගයනවලු         128 Kbps
දුවේ එපා ඒ කතා අහන්නට           MP3
මේ නැලවිලි ගී මමයි කියන්නේ 

රන් තැටියක කිරි පැණි පුරවාගෙන 
හඳහාමි දූ බලන්න එනවලු 
දුවේ එපා ඒ කතා අහන්නට 
හඳහාමි කෙලෙසද මෙහි එන්නේ 

කිරි මුට්ටිය නූඹේ ගඟේ ගියාලු 
ගඟට උඩින් කිරි කොක්කු ගියාලු 
දුවේ එපා ඒ කතා අහන්නට 
මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ 

චන්ද්‍ර මඩුලු යට ........

ගායනය  : නන්දා මාලිනි 
පද         : මහින්ද අල්ගම