Tuesday, June 18, 2013

Ula leno - උළලේනෝ..

පාළුව දෙවනත් කරලා
නාඬන් උළලේනෝ..
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උළලේනෝ...‍උළලේනෝ..


හීත හුලංහිරිකඩයි 
කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ...
උළලේනෝ....‍උළලේනෝ...

ඉහිරුණ කිරි කොතලෙට ඉකි බිඳලා ඵල නැහැ
උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ..
උළලේනෝ....‍උළලේනෝ...

සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ
නිවනට ගිය දා මේ හැමදුක් නැතිවන්නේ...
උළලේනෝ....‍උළලේනෝ...


ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය : සේන වීරසේකර