Tuesday, June 18, 2013

Dawasak pala nathi - Gunadasa kapuge - දවසක් පැල නැති ‍හේනේ

දවසක් පැල නැති ‍හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ‍ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ


නුවර වීදි යටකරගෙන
නින්දා වැහි වැගිරුනදා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ

කොළඹ අහස කළුකරගෙන
මුහුදු හුළඟ හඬලනකොට ‍
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු ඉදිකඩ ළඟ
ඉන්නවාද අම්මේ.........


ගායනය - ගුණදාස කපුගේ
පද - රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය - ගුණදාස කපුගේ