Tuesday, June 18, 2013

Dasa nilupul - Gunadasa kapuge - දෑස නිළුපුල් තෙමා

දෑස නිළුපුල් තෙමා 
කඳුළු මුතුවැල් සලා 
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ 
හඬනු මල් මාලියේ //

නිහඬ හදවත් පොතේ ලියැවුනූ 
සොඳුරු ගී වැල් නැතේ මා තැනූ 
ඔබේ කඳුලැලි මා සිතේ 

නිබඳ පදවැල් ඇඳේ 
නිබඳ පදවැල් ඇඳේ

දෑස නිළුපුල් තෙමා ...

පබළු මිණිමුතු නැතේ මා සතූ 
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ 
තුසර පිණි ලෙස මල් මතේ 
කඳුළු කොපුලේ රැඳේ

දෑස නිළුපුල් තෙමා ...//

ගායනය-ගුණදාස කපුගේ
පද- පියනන්ද විජේසුන්දර
සංගීතය -  ගුණදාස කපුගේ