Monday, June 17, 2013

Aan nage sal Aththe - Gundasa Kapuge ආන් නගේ සල් අත්තේ

ආන් නගේ සල් අත්තේ පාන් කිරිත්තා
මේන් බලාපන් හනිකට අඬා පනින්නා
හිතම අමුතු වුනා නගේ වූ තනි හිංදා
නගේ වූ තනි හිංදා

අයියන්ඩී ඉගිලුනාද පාන්කිරිත්තා
අන්න අතන සල් මල උඩ බඹරපොඩිත්තා
අමුතු වුනේ හිත අහවල් දේට මන්දා
අහවල් දේට මන්දා


රෑන් ඇදී ඇල ඉවුරේ කොක්කු නැගෙන්නේ
රටා පුරන සෙවනැලි පෙළ දියේ ඇගෙන්නේ
හීන් නගා හෙට මන් යන පාර බලන‍්‍නා
හිරු දෙවියෝ ඉර සේවෙට ඒවිද මන්දා

ආන් නගේ සල් අත්තේ පාන් කිරිත්තා
පාන් කිරිත්තා

මිදු‍ල පුරා ඔලිද වැලේ ඇට ඉහිරෙනවා
කඳුලු බිංදු වෙනුවට මම ඔලිද ගණිනවා
කොළොම්පුරේ හැන්දෑවට ඉර රට යනවා
නුඹ සිහි වී හිත එතකොට ගම රට යනවා

ආන් නගේ සල් අත්තේ පාන් කිරිත්තා
මේන් බලාපන් හනිකට අඬා පනින්නා
හිතම අමුතු වුනා නගේ වූ තනි හිංදා
නගේ වූ තනි හිංදා

අයියන්ඩී ඉගිලුනාද පාන්කිරිත්තා
අන්න අතන සල් මල උඩ බඹරපොඩිත්තා
අමුතු වුනේ හිත අහවල් දේට මන්දා

අහවල් දේට මන්දා