Monday, June 17, 2013

Bimbarak senaga gawasuna - Gunadasa kapuge බිම්බරක් සෙනග

බිම්බරක් සෙනග ගැවසුන චන්ද් සූර්යයා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ..
යුද්දෙකට ඇවිත් රුපුසෙන් සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම් මාළිගාව කෝ..


ට්රැක්ටරේ යකඩ ගජසෙන් කුංචනාදයෙන් ඇළලුණ
වෘක්ෂ දේවතාවන් බිම වැටී පණ ගසයි
මිනී මල් පිපුණු සීතල නිම්න භූමියේ ඇටකටු
සතර රියන් කඩ අහිමිව විලාපය නඟයි..

විලාපය නඟයි..!

බිම්බරක් සෙනග...

කැලෑ මල් පිපී රතු තොල්වලින් කෑ ගසා ඉල්ලන
ජාතියේ නිධානය රන් රුවන් කරඩු කොයි..
වෑකන්ද කඩා බිම් කටු කම්බියෙන් බෙදා මේ රණ
බිමේ හිස ගසා දමනා කඩුව බිම දමවු කඩුව බිම දමවු...

බිම්බරක් සෙනග...


ගායනය - ගුණදාස කපුගේ
පද - රත්න ශ්රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ